සිප්සත සදා විදු ණැන පදා
ලොවට පුදන විදුහල් පියසේ
සැරදෙ සමරමු සිරස නමා අපි
මැදගම මහ විදුහල් මෑණී .........//
දිඹුලාගල වන අරණින් පිස එන
මෘදු මද නල විඳ විද සැනසේ
මහවැලි නදියේ සිසිල පහස ලැබ
සැරැදේ අප විදුහල් මෑණි.......//
පෙර පර දෙදිගම භාෂා නැණයෙන්
වෙද ගුරු ගොවි හා පඬිවරුන්
බිහිකළ කිතු ගොස මැද ඔබ බැබලේ
සැර දේ අප විදුහල් මෑණි........//
සැරදේ.............සැරදේ ....................
සරදේ.............විදු මව සැරදෙ.......
පද රචකයා -වලස්වැව චන්දාරත්න හිමි







