පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.

page-header-1900x320.jpeg
page-header-200*450.jpeg
whatsapp-image-2024-03-26-at-12.32.05-am.jpeg

 

1 .පාසල ආරම්භයට මිනිත්තු පහළොවකටවත් පෙර පාසලට පැමිණිය යුතුය.


2. පාසල් කාලය තුල විදුහල්පති/ගුරුභවතුන්ගේ අවසරයකින් තොරව පාසලෙන් බැහැරවීම සපුරා තහනම්.


3.ඉගෙනුම් කාලච්ඡේදවලදීම විෂය භාර/ය පන්තිභාරයෙන් ගුරු බවතාගේ අවසරයකින් තොරව පන්ති කාමරයෙන් බැහැරට නොයා යුතුය.


4.විෂය භාරයේ ගුරු බවතා නොමැති අවස්ථාවල එම විෂයට අදාළව විෂය සංවර්ධන කටයුතුවල නිරත විය යුතුය.


5.විවිධ විෂයයන් ඉගෙනුම් කටයුතු සඳහා පන්ති කාමරයෙන් බැහැරට යන අවස්ථාවලදී සිසුන් පේළියට අදාළ ස්ථානයට යා යුතුය.


6.විෂය සමගාමී කටයුතු සඳහා පාසලින් බැහැර වන අවස්ථාවලදී අදාළ ගුරු බවතාගේ උපදෙස්  පිළිපැදිය යුතුය.


7.බසයෙන් පාසලට පැමිණෙන සිසුන් බසය තුළදී මෙන්ම බස් නැවතුම්පළ අසලදී පාසල් සිසුවකු ලෙස සංවරව හැසිරිය යුතුය.


8.නායකත්වයට ගරු කළ යුතුය.


9.පාසලට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතුය.


10.පාසල් කාලසීමාව තුළ එම භූමිය පිරිසුදුව තබා ගැනීම සියල්ලන් සතු වගකීමක් බැවින් පාසල් භූමියේ පිරිසිදුකම පිළිබඳව සැලකිල්ල යොමු කිරීම අනිවාර්ය වේ.